දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමග බොහෝ එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.
මෙසේ ඉවත් කරන එළවළු තොග දිගම්පතහ රජයේ රක්ෂිත කැළෑවට ගෙන ගොස් දමන අතර, ඒවා මේ දිනවල වන අලින්ගේ ආහාර බවට පත්ව තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන පිපිඤ්ඤා, තක්කාලි, වම්බටු, නෝකෝල්, රාබු, නිවිති, දඹල ආදී එළවළු වර්ග රැසක් දිනපතා ඉවත් කිරීමට සිදුව තිබෙන බවද ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කර සිටී.
මේ ආකාරයෙන් එළවළු තොග විශාල වශයෙන් අද 5දා අලුයම දඹුල්ල මහනගර සභාවේ ටිපර් රථ මගින් දඹුල්ල රජයේ රක්ෂිතයට ගෙනැවිත් දැමීම සිදුවිය.