දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල විශාල වශයෙන් එළවළු ලැබීමත් සමග එළවළු මිල පහත වැටී ඇති අතර, මේ හේතුවෙන් ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එළවළු බොහොමයක මිල අඩුවී ඇති අතර, අලෙවි නොවන විශාල එළවළු තොග අද (16දා) වන අලින්ගේ ආහාර සඳහා දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙන දැමිණි. විශේෂයෙන් දඹුල්ල වෙළෙඳ පොළේ වම්බටු කිලෝවකට රුපියල් පහක තොග මිලක් පවතින බවත්, එම මිලටවත් අලෙවි නොවන බවත් ගොවීහු පවසති.
ගෝවා කිලෝවක් රුපියල් 14 - 20ත්, ලීස් කිලෝවක් රුපියල් 14- 20ත් අතර මුදලකටත්, කැරට් කිලෝවක් රුපියල් 15 -30ත් වම්බටු කිලෝවක් රුපියල් 05 -15ත් අතර මුදලකට පැවැතියද ඒවා අලෙවි නොවන බව ගොවීහු පවසති. එමෙන්ම නෝකෝල්, රාබු, දඹල ආදී එළවළු කිලෝවද රුපියල් 10 සිට 20 දක්වා මිල ගණන් පැවතියද අලෙවි නොවන තත්ත්වයක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
අප මේ පිළිබඳව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පවසා සිටියේ, මේ දිනවල විශාල වශයෙන් යාපනයෙන් සහ රටේ අනෙකුත් ප්‍රදේශවලින් වැඩි වශයෙන් එළවළු ලැබුණද, මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බවයි.