දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලංකික පිරිසකගෙන් දෙදෙනෙකු මියයෑම හේතුවෙන් ඊයේ (25 දා) ඔවුන්ගේ මෘත ශරීර දිවයිනට ගෙන ආ බව ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ, එකම වන්දනා කණ්ඩායමක දෙදෙනෙකු වන අතර, එක් අයෙකු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 62 වියේ පසුවන පුද්ගලයෙකු බවත්, අනෙක් සිරුර මැල්සිරිපුර පදිංචි 67වියේ පසුවන කාන්තාවකගේ වන බව ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මේ ආකාරයට දඹදිව සංචාරය සඳහා යන පිරිස්වලින් මසකට මෙවන් මියගිය මෘත ශරීර 10ක් පමණ මෙරටට රැගෙන එන බවත් ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.