ඉන්ෆ්ලුවන්සා වෛරස් උණ වැලඳීමෙන් මියගිය කුඩා දරුවන්ගේ සංඛ්‍යාව 12 දක්වා වැඩි වීඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
පෙරේදා (29දා) අවුරුද්දක් හා මාස හතක් වියැති දරුවෙකු ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මියගොස් ඇත්තේ මාතර තිහගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙම දරුවා මාස දෙකකට ආසන්න කාලයක් කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් 06 දෙනෙකුද, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දරුවන් තිදෙනා බැගින්ද මේ වනවිට මියගොස් තිබේ.