තොටළග ජනතාවට නිවාස දුන්නා


තොටළග, ෆර්ගසන් පාරේ පදිංචිව සිටි අනවසර පදිංචිකරුවන්ට නිවාස  සංකීර්ණ තුනකින් මීට ඉහතදී නිවාස ලබාදුන් බවත්, ඇතැම් අයට නිවාස දෙක බැගින් තිබෙන බවත් මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

එවැනි තත්ත්වයක් තිබියදී විරෝධතා දැක්වූ බවත් පිස්තෝලය එල්ල කරමින් නොව සාකච්ඡාවෙන් ගැටලු විසඳාගත යුතු බවත් ඔහු කීවේය.

එම ප්‍රදේශයේ කුලී නිවැසියන් 35 දෙනෙකු සිටි බවත් පසුගිය දෙසැම්බර් 31දාට ප්‍රථම එයින් ඉවත්වන ලෙසට ඔවුන්ට දැන්වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 



Recommended Articles