තායිලන්ත යුද නැව් තුනක් කොළඹ වරායට


තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහද සංචාරයක් සඳහා ඊයේ (06දා) කොළඹ වරායට සේන්දු විය.

දින 5 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නෞකාවන්ගේ කාර්යය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික සංදර්ශණ සහ විවිධ ප්‍රසංග ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට ද නියමිතව ඇත. ඉන් අනතුරුව එම නෞකාවන් එළඹෙන 09 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

-(1) -(3) -(4) -(5)



Recommended Articles