ගාල්ල කරාපිටිය රෝහලට පිළිකා ආයතනයක් ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන පහක ආධාර උපයා ගැනීම සඳහා මහේල ජයවර්ධන ඇතුළු පිරිසක් මීට දින 28ට පෙර යාපනයේ පේදුරු තුඩුවෙන් Trail (තරණය) පාගමන ආරම්භ කළේය.
එය මාතර දෙවුන්දර තුඩුවට අද (02දා) ළගා විය. ඩොලර් මිලියන පහක ඉලක්කයෙන් 60%ක් එනම් ඩොලර් මිලියන තුනක ආධාර උපයා ගැනීමට මහේල ඇතුළු පිරිස මේ වන විට සමත් විය.
පේදුරුතුඩුවෙන් තරණය පාගමන ආරම්භ කරන විට මහේල ඇතුළු පිරිස වියළි කාලගුණයෙන් පීඩා විදි අතර එය කොළඹට ළගා වන විට වැස්සෙන් පීඩා විදීය. අව්වට හෝ වැස්සට මහේල ඇතුළු පිරිසගේ ගමන නවතාලීමට නොහැකිවිය.
කිලෝමීටර් 670ක පාගමන දෙවුන්දර තුඩුවට පැමිණි විට මහේල හා ඔහුගේ බිරිඳ ක්‍රිස්ටිනා ඡායාරූපයක් සමාජ මාධ්‍යට නිකුත් කළ අතර එය පහතින් වෙයි. මහේල දින 28ට පාගමනින් පැමිණි අතර ඔහුගේ බිරිඳ ක්‍රිස්ටිනාද දින 28ට මහේල සමග පාගමනින් පැමිණියේය.
කරාපිටියට පිළිකා ආයතනයක් ඉදිකිරීම සඳහා මහේල ඇතුළු පිරිස ඊයේ (01දා) මුල් ගල තැබීය. මහේලගේ සොහොයුරා මීට වසර 20කට පෙර පිළිකා රෝගයකින් මිය ගිය අතර එවන් විපතක් තවත් අයෙකුට නොවීමේ අරමුණින් පිළිකා ආයතනය ඉදිකෙරයි.
මීට ඉහතදී දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට ගමන් කළ පාගමනකින් පසුව යාපනයේ පිළිකා ආයතනයක් ඉදි කළේය.සංගක්කාර ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් මෙන්ම වත්මන් ක්‍රිඩකයන් වරින් වර පාගමන හා සම්බන්ධ විය.
පාගමන අතර තුළදී මහේල විසින් සිට ඉන්ස්ටග්‍රැම් ගිණුමට එක්කළ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.
පේදුරුතුඩුවෙන් පාගම ඇරඹීම
දෙවුන්දර තුඩුවෙන් අවසන්වීම