තඹුත්තේගම 50 ක් රිමාන්ඩ්


(UPDATE)  තඹුත්තේගම පැවැති විරෝධතාවයකදී කළහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 59ක් අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එයින් 50 දෙනෙක් එළැඹෙන 05 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඉතිරි 9 දෙනා ඇප මත මුදාහැරීමට කටයුතු කර ඇත.


තඹුත්තේගමදී කලහාකාරීව හැසිරුණු 50ක් පොලිස්  අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියේ සිවු දෙනෙකු ඇතුළු 09 දෙනෙකු තුවාල ලබා ඇත.


(UPDATE) තඹුත්තේගමදී කළහකාරී ලෙස හැසිරුණ සිවිල් වැසියන් 40ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. එම සිදුවීමෙන් පොලීසියේ 4ක් තුවාල ලබා ඇත.


තඹුත්තේගම ගොවියන් පිරිසක් විසින් පිරිසක් විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පෞද්ගලික අංශය විසින් රාජාංගණය ජලාශයේ ජලය යොදාගනිමින් ආරම්භ කිරීමට නියමිත පානීය ජල ව්‍යාපෘතියකට විරෝධය දක්වමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

විරෝධතාකරුවන් රාජාංගනය පොලීසියට ගල් ප්‍රහාර එල්ල කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

ඡායාරූප තඹුත්තේගම නන්දන කුමාර

28458962_539148306467219_156120220_n copy 28511225_539148243133892_1246648749_n copy 28535022_539148273133889_2052900325_n copy 28640767_539148166467233_1717057461_o copy IMG_0488 copy IMG_0501 copy IMG_0502 copy IMG_0533 copy IMG_0537 copy IMG_0553 copy IMG_0571 copy main

 



Recommended Articles