තත්ත්වෙ වෙනස් වුණොත් ඡන්දෙ නැති වේවි - මැකො


තැපැල් ඡන්දය මේ වන විටත් විමසමින් තිබුනද, මැතිවරණයක් පැවැත්වීමට අපහසු වන තරමට රටේ තත්ත්වය අයහපත් වුවහොත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඒ රටේ පවතින තත්ත්වය බිඳවැටීමක්, සේවාවන් වලින් බැහැර වීමක් සිදුවුවහොත් ඡන්දය විමසීමට නොහැකි වනු ඇති බවත් එසේ වුවහොත් නැවත ඡන්දය විමසීම අවම වශයෙන් මාස තුනකින් කල් තැබීමට සිදුවනු ඇති බවත් දේශප්‍රිය මහතා පවසා සිටියා.

ඒ බව ඊයේ(24) පැවති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදීද සාකච්ඡාවට බඳුන් වූ වග ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.mahinda-deshapriya-575-056



Recommended Articles