(UPDATE) සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරන හිටපු නායක මෙන්ම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවෙන් ගෞරවය පුද කිරීමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සගයෝ කටයුතු කළහ. ඒ ඔහු පිටියට පිවිසෙන අවස්ථාවේ ඔහුට ඉහළිත පිති ඔසවමිනි. දඹුල්ල ක්‍රීඩාංගණයට විශාල පිරිසක්ද පැමිණ තිබේ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අත දඹුල්ලේ පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩා කරන අවසන් එක්දින තරගයද වෙයි.