ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020දී විශ්‍රාම නොයන බවට ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රඳවා ගැනීමට වෙන ක්‍රමයක් නොමැති නිසා බවත් ටොරින්ටන් ආණ්ඩුකාරවරයාගෙන් පසුව වැඩිම බදු ගසපු ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි රැළිය අමතමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
එසේම මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දින සැමරුම මැයි 07 දාට යෙදවීම් ජනතාවට කළ ලොකුම අපහාසය බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.
වත්මන් ආණඩුවට රට තියා ග්‍රාම නිලධාරී වසමක්වත් පාලනය කිරීමට නොහැකි බවත් ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාද සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය නොව ප්‍රජාතන්ත්‍රවාදී යූඇන්පී පොලිස් රාජ්‍යයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ පාතාලයේ විවාහ උත්සව පවත්වන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. රටට ආයෝජකයන් එන්නේ නෑ. ඔවුන් පැනලා දුවනවා.” යැයි ඔහු පැවැසීය.