ට්‍රම්ප් - කිම් ඓතිහාසික හමුව සිංගප්පූරුවේදී ආරම්භ වෙයි


(UPDATE) ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

සිංගප්පූරු වේලාවෙන් පෙ.ව. 9.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.7.00ට) මූලික සාකච්ඡා වටය ආරම්භ වූයේ නායක දෙපළ අතර ඓතිහාසික අතට අත දීමකින් එකිනෙකාට සුබපතා ගැනීමෙන් අනතුරුවය.

මෙම මූලික සාකච්ඡා වටය ඇමෙරිකානු ජනපතිවරයා සහ උතුරු කොරියානු ජනපතිවරයා අතර පෞද්ගලික සාකච්ඡාවක් ලෙස පැවැත්වුණු අතර, ඒ සඳහා සහභාගී වී තිබුණේ ඔවුන් දෙදෙනාගේ භාෂා පරිවර්ථකයන් පමණි.

මෙම මූලික හමුවට සහභාගී වීම සඳහා නායක දෙපළ කැපෙල්ලා හෝටලයේ අදාළ සාකච්ඡා කාමරය වෙත සිනහමුසු මුහුණින් ගමන් කරන ආකාරය විදෙස් වාර්තාවල  පළ කෙරිණි.

මෙම සාකච්ඡා වටය කෙටි වේලාවකට සීමා වූ අතර, සාකච්ඡාව නිම වී නායක දෙපළ පිටතට පැමිණෙන විට උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ගේ මුහුණේ පැහැදිලි සිනහවක් පැවතිණි.

එහි රැඳී සිටි මාධ්‍යවේදීන් "මිස්ටර් කිම්... ඔබ න්‍යෂ්ටික අවි අත්හරිනවා දැයි" කිම්ගෙන් අසා සිටියත් ඒ අවස්ථාවේදී මාධ්‍යවේදීන් වෙත පිළිතුරු ලබාදීමක් සිදු නොවීය. හෝටල් කොරිඩෝවේ ට්‍රම්ප් සමග ඇවිද යන කිම්ගෙන් මාධ්‍යවේදීන් දෙවරක්ම මේ පැනය අසා සිටියත් ඔහුගෙන් පිළිතුරක් නොවීය. එහිදී, ඇවිද යන ගමන්ම ට්‍රම්ප් කියා සිටියේ සියල්ල හොඳින් සිදුවන බවය.

ඉන් අනතුරුව ට්‍රම්ප් සහ කිම් ඇතුළු ඔවුන්ගේ දූත පිරිසේ ප්‍රධානීන් කිහිප දෙනෙකු එක්ව සිදුවූ දෙවැනි සාකච්ඡා වටය හෙවත් ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ විය.

ඇමෙරිකානු සාකච්ඡා මේසයේ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදි කරමින් රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී දෙපසින් වූහ. එමෙන්ම ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක සහ උතුරු කොරියාවට යම් කෝපයක් ඇති කළ ජෝන් බෝල්ටන්ද සාකච්ඡා මේසයේ විය.

උතුරු කොරියානු සාකච්ඡා මේසයේ උතුරු කොරියානු ජනපති කිම් ජොන්ග්-උන් මැදි කරමින් ඔහුගේ දකුණත් අගසව් ලෙසින් ප්‍රකට ජෙනරාල් කිම් ජොන්ග්-චෝල් විය. ඔහු මෙම සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා මීට දින කිහිපයකට පෙර වොෂිංටනය වෙත උතුරු කොරියාව නියෝජනය කරමින් පැමිණි ප්‍රධානියා වෙයි.

එමෙන්ම, උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය රී යොන්ග්-හෝ සහ මීට පෙර එරට විදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ සහ දැනට එරට රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් හොබවන රී සූ-යොන්ග් ද සාකච්ඡා මේසයට පැමිණ සිටියහ.

2 4 

ට්‍රම්ප් සහ කිම් පෞද්ගලික සාකච්ඡා වටයට පැමිණි අවස්ථාව (ඔවුන්ගේ භාෂා පරිවර්ථකයන් පමණක් මීට සහභාගී විය.)

617

5 1_Trump8 9964x580_MP4_5997915950764635810

කලක් එදිරිව සිටි රාජ්‍යයන් දෙකක නායකයන් අතර සිදුවූ ඒ ඓතිහාසික අතට අතදීම හා සුබ පැතීම

U.S. President Donald Trump shakes hands with North Korea's leader Kim Jong Un at the Capella Hotel in Singapore

7

පෞද්ගලික හමුව නිමවී හෝටල් කොරිඩෝවේ සැහැල්ලුවෙන් ඇවිද ගිය නායකයන්... කිම් සිනහමුසු මුහුණින්...12

111

 දෙවැනි සාකච්ඡා වටය (ද්විපාර්ශ්වික) නායක දෙපළ ප්‍රමුඛව දෙරටේම දූත පිරිසේ විශේෂ නියෝජිතයන්ද සමගින් ආරම්භ විය.

13 15



Recommended Articles