ඥානසාර හිමියි ඒකාබද්ධ මන්ත්‍රීනුයි ගම්මන්පිල බලන්න යති


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (20දා) පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයට පැමිණියහ.

මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් ධාවනය කළ රථයක නැගී දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, සිසිර ජයකොඩි, ඩලස් අලහප්පෙරුම යන මහත්වරු ප්‍රථමයෙන්ම පැමිණියහ.

ඉන්පසුව කුමාර වෙල්ගම, මහින්දයාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණවීර, ෂෙහාන් සෝමසිංහ, කනක හේරත් යන මහත්වරුන් වෙන වෙනම පැමිණ සිටියහ.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි, හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂද ගම්මන්පිල මහතා  හමුවීමට පැමිණියහ.

අත්අඩංගුවේ පසුවන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මුණගැසීමටද මෙම පිරිස ගොස් තිබුණි.

ඡායාරූප ඉසුරු පෙරේරා

AID_0873 AID_0875 AID_0882 AID_0884 AID_0888 AID_0898 AID_0911 AID_0917 AID_0919 AID_0925 AID_0928 AID_0936 AID_0950 AID_0958 AID_0970 AID_0977 AID_0979 AID_0985 AID_0989 AID_0990

AID_0993 AID_1002 AID_1015 AID_1020 AID_1023 AID_1033

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles