දිවයිනට පැමිණි ජර්මන් පාර්ලිමේන්තුවේ කථානායක නෝබට් ලැම්මර්ට් මහතා ප්‍රමුඛ ධූත පිරිස අද (04දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙහිදී ජනාධිපතිතුමා විසින් ජර්මන් කථානායකවරයා ඇතුළු ධූත පිරිස ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබූ බව එම මාධ්‍ය අංශය සඳහන් කරයි.