ජයග්‍රහී අවස්ථා


විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නිමා වූයේ කොදෙව්වන්ට දෙවැනි අවස්ථාවටත් ලෝක කුසලානය හිමිකර දෙමිනි. තරගාවලියේදී සුවිශේෂී සිදුවීම් කිහිපයක්ම සිදුවිය. මේ එයින් තෝරාගත් අවස්ථා කිහිපයකි.

cb

එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් පන්දුවාරයේදී හයේ පහර හතරක් එල්ල කරමින් කාලොස් බ්‍රැත්වෙයිට් කොදෙව්වන්ට දෙවැනි ලෝක කුසලානය දිනා දුන් මොහොත.

au-vs-ind

ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු වටයේ ජයග්‍රහණය ලැබීමෙන් පසුව. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට අගනා ඉනිමක් දෝනි ක්‍රීඩා කළේය.

dili

ශ්‍රී ලංකා කණ්ඩාම ලෝක කුසලාන තරගාවලියේ ලැබූ එකම ජය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ලබාගැනීමෙන් පසු

eng-vs-sa

ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම හඹායාම වූ ලකුණු 230 ක ඉලක්කය හඹායාමට එංගලන්ත කණ්ඩායම සමත්වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි.

jf

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි20 තරගයේදී පළමුවරට කඩුලු පහක් දවාගත් ක්‍රිඩකයා වූයේ ජේමිස් ෆේල්ක්නර්ය. ඔහු පාකිස්තාන කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතාව දැක්වීය.

ms

ලෝක කුසලාන තරගාලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදී සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා ජය ලැබීමට නවසීලන්තය සමත්විය. තරගයේදි මිචෙල් සැන්ට්නර් කඩුලු හතරක් දවා ගත්තේය. 

oman

ලෝක කුසලාන තරගාවලියට පළමු ජය වාර්තා කිරිමට ඕමාන කණ්ඩායම සමත්වූයේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිවය.

t-i

විස්සයි20 ලෝක කුසලානයක මෙන්ම විස්සයි20 තරගයකදී බංග්ලාදේශය වෙනුවෙන් පළමු ශතකය රැස්කළේ තමීම් ඉක්බාල්ය.



Recommended Articles