අගොස්තු නිවාඩුවට නුවරඑළියේ සංචාරයට එන අයට නුවරඑළිය වික්ටෝරියා උද්‍යානයේදී සකුරා මල් තිබෙනු දැකගත හැකිය.
චෙරිමල් ලෙස බොහෝ කාලයක් භාවිතා කරනු ලැබු මෙම සකුරා මල් පිපීම සම්බන්ධව පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ජපන් සකුරා හුවමාරු සංගමය නිලධාරීන් විසින් වික්ටෝරියා උද්‍යානයේදී දැකගත හැකි සකුරා බව සඳහන් කර ඇත.
එහෙත් ජපානයේ පිපෙන සකුරා මල් වලට වඩා පැහැය අඩුකමක් මෙම සකුරා මල් වල දැක ගත හැකි බව එම සංගමයේ අදහසයි.
ජපන් සකුරා හුවමාරු සංගමය විසින් මීට වසරකට පෙර නුවරඑළියේ ග්‍රෙගරි වැව උද්‍යානයේ රෝපණය කිරීමසඳහා සකුරා පැල 100ක් පමණ ප්‍රදාන කර ඇත. ඉදිරි කාලයේදී එම පැල ග්‍රෙගරි උද්‍යානයේදී රෝපනය කිරීමට නුවරඑළිය මහ නගර සභාව අපෙක්ෂා කරයි.
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි