ජපානයේ විශාලම යුද නෞකාවක් ශ්‍රී ලංකාවට එයි


ජපානයේ විශාලම යුද නෞකාවක් වශයෙන් සැලකෙන ඉසුමෝ (Izumo) නෞකාව ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාව හා ජපානය අතර පැවැත්වීමට නියමිත මලබාර් ආරක්ෂක සහයෝගීතාව සඳහා එක්වීමට නෞකාව ගමන් ගන්නා අතර තුළදි එය ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

එළැඹෙන මැයි මාසයේදී මෙම නෞකාව ජපානයෙන් ගමන් ආරම්භ කිරිමට නියමිත අතර එය ඉන්දුනීසියාව, සිංගප්පූරුව, පිලිපීනය හා ශ්‍රී ලංකාව යන රටවල් වල වරායට පමණක් සේන්දු වීමට නියමිතය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව දකුණු චීන මුහුදේ ජපානයේ විශාලම යුද නෞකාවක් ගමන් ගන්නා පළමු අවස්ථාව මෙය බවද සඳහන් වෙයි.

ඉසුමෝ නෞකාව තුළදී හෙලිකොප්ටර් ගොඩබෑමට හා ඉහළට එසවීමට පහසුක් පවතියි. එය ජපානය සතුව පවතින ඉහළම තාක්ෂණයෙන් සමන්විත යුද නෞකාවකි.

1 2



Recommended Articles