ජනාධිපතිගේ වැඩපිළිවෙළ ගැන ජනතා විමුක්ති පෙරමුණ කතා කරයි


ලක්ෂ 62ක ජනතා වරමක් ගත් ජනාධිපතිවරයා රට පාලනය කරන්නේ එෆ්.එම්. රේඩියෝවලින් හා පත්තරෙන් දකින කතා අනුව බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

අමාත්‍යාංශ විසින් ගන්නා තීන්දු තීරණවලට කැබිනට් මණ්ඩලයේදී විරුද්ධ නොවී, ඒ පිළිබඳව මාධ්‍ය තුළ සංවාද ඇතිවන විට ඒවා නිවැරදි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, එය ජනාධිපතිවරයෙකුට ගැළපෙන ක්‍රියාවක් නොවන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (15දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

කාන්තාවන් සම්බන්ධයෙන් පැවැති මත්පැන් නීති ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙන්නේ කැබිනට් මණ්ඩලය  තුළ සාකච්ඡා කිරීමෙන් බවත්, එම අවස්ථාවේදී නිහඬව සිට අගලවත්ත රැස්වීමකදී එම ක්‍රියාව අහෝසි කර දමන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් සිදුකර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.

මෙවැනි ක්‍රියා ජනාධිපතිවරයා ජනප්‍රිය වීමට සිදුකරන ඒවා දැයි සැකයක් මතුවී තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. 

til vin



Recommended Articles