ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප‍්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප‍්‍රදේශයේ ඊයේ (15) සංචාරයක නිරත විය.
හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිවරයා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර, අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා එහි කෞතුකාගාරය නැරඹීමට ද එක්විය.
1945 වසරේ අගෝස්තු 06 දා ලොව ප‍්‍රථම පරමාණු බෝම්බ ප‍්‍රහාරය හිරෝෂිමාවට එල්ල විය.
එහිදී නගරයෙන් සියයට අනූවක් පමණ විනාශ වූ අතර, එකවර මිය ගිය සංඛ්‍යාව අසූ දහසකට අධිකය.
වසර අවසානයේ එම මරණ සංඛ්‍යාව එක් ලක්ෂ හතළිස් දහස දක්වා ඉහළ ගියේය.
එමෙන්ම එම භූමියේ සංරක්ෂණය වෙමින් පවතින ගොඩනැගිල්ල ද මෙහිදී ජනාධිපතිගේ නිරික්ෂණට ලක්විය.