ජනපති හමුවීමට බදුල්ලේ සිටපැමිණි අමානි


වයස අවුරුදු 07 ක් වන එම්.එන්. අමානි රායිදා කුඩා දැරිය බදුල්ලේ සිට සිය දෙමව්පියන් සමග ජනපති මෛත්‍රෟපාල සිරිසේන මහතා හමුවීමට කොළඹ පැමිණියාය.

නමුත් ජනාධිපති හමුවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි ජනාධිපති හමුවනතුරු ඇය විශ්වාස නොකළාය

තමා හමුවීමේ බලාපොරොත්තුවෙන් කුඩා දියණියක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටින බව ජනාධිපතිට දැනගැනීමට ලැබී ඇත.

පසුව නිලධාරින් යවා දැරිය තමා අසළට කැදවූ ජනාධිපති ඇයත් සමග සුහද පිළිසඳරක නිරත වී ඇත.

දැරිය, තමා අතින් ඇදි චිත්‍රයක් ද ජනපතිට පිළිගන්වා එය බිත්තියේ එල්ලා ගන්නා ලෙස ද ජනාධිපතිට පැවැසූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.

4 copy 3 copy 2 copy 1 copy

 

 



Recommended Articles