ජනපති විජේතුංගගේ ආලේඛ්‍ය චිත්‍රයක් පාර්ලිමේන්තුවේ


මෙරට තුන්වැනි විධායක ජනාධිපතිවරයා වූ දිවංගත ඩී.බී. විජේතුංග මහතාගේ ජන්ම ශත සංවත්සරය ගුණ සැමරුම මේ මස 15 වැනිදාට යෙදෙන බැවින් එය සමරා පාර්ලිමේන්තු සංකීර්ණයේ විජේතුංග මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් නිරාවරණය කෙරිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, ඩී.බී. විජේතුංග මහතා ආදර්ශවත් දේශපාලන ගමනක යෙදුණු බවයි.

ඩී.බී. විජේතුංග මහතාගේ දියණිය චිත්‍රාංගනී කුමාරි විජේතුංග මහත්මිය ඇතුළු එම පවුලේ සාමාජිකයන්, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්, විදේශීය තානාපති නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1916 -02- 15 වැනි දින උපත ලබා ඇති ඩී.බී. විජේතුංග මහතාගේ අභාවය සිදුවූයේ 2008.09.21 දිනය.

උඩුනුවර ආසනය නියෝජනය කරමින් 1965 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා විවිධ විෂයන්වලට අදාළ අමාත්‍ය ධුර ගණනාවක්, අගමැතිවරයෙකු, ජනාධිපතිවරයෙකු, ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

ඡායාරූප - ඉසුරු පෙරේරා

 

 

 



Recommended Articles