එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගීවීම සදහා ඇමරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දින 08 ක නිල සංචාරය සාර්ථකව නිමවා ඊයේ (02දා) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.
ජනාධිපතිවරයා පිළිගන්නට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ උත්සවයක්ද සංවිධානය කර තිබුණි.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් එහිදි ජනාධිපතිවරයා පිළිගත්හ.