ජනපති දිඹුලාගල සේනාසනයට යයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පෙරේදා (10දා) සන්ධ්‍යාවේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත ගොස් ආගමික වතාවත් වල නිරත වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මිල්ලානේ සිරියාලංකාර හිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක, උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගත් ජනාධිපතිවරයා පසුව ආරණ්‍ය සේනාසනය වෙත පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමගද සමග සමීපව පිළිසදරෙහි නිරත වූ බවත් ජනපති මාධ්‍ය අංශය පැවැසීය.
 


Recommended Articles