ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බෝම්බ ප්‍රහාරයක් එල්ල දැමීමට තැත් කළැයි සිරදඬුවම් ලැබ ජනපති සමාවෙන් නිදහස් වූ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික සිවරාසා ජෙනිෆන් සහ ඔහුගේ දෙමාපියන් ඊයේ (24දා) මුලතිව්හිදී ජනාධිපතිවරයා හමු විය.
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ඉදිවූ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා මෙහිදී ජෙනිෆන් ඇතුළු දෙමාපියන් හමු වූ අතර ජෙනිෆන් ජනාධිපති සමාවෙන් නිවසට පැමිණි පසු ඔහුගේ දෙමාපියන් කියා සිටියේ නැවත ජනාධිපති හමු වී සිය ස්තුතිය පළ කළ යුතු බවයි.
ජෙනිෆන්ගේ දෙමාපියන් ජනපතිවරයාට පවසා සිටියේ නැවත ජීවිතයක් ලබාදීම පිළිබඳව ස්තුති කිරීමට වචන නොමැති බවත් මෙවැනි ආදර්ශවත් නායකයෙකු සිටීම දෙමළ ජනතාවට මෙන්ම සියලුම ශ්‍රීලාංකිකයන්ට වාසනාවක් බවත්ය.