ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර ආර්ථීක හා වෙළෙද සහයෝගීතාව ශක්තිමත් කරගැනීමේ අරමුණින් රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද(16) පෙරවරුවේ ටෙගල් (Tegal) - ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජර්මනියට ළගාවිය.
ගුවන්තොටුපළේදී ජර්මන් රජයේ ප්‍රධාන සංධාන නිළධාරී ජර්ගෙන් ක්‍රිස්ටියන් මර්ටෙන්ස් මහතා සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා ඇතුඑ තානාපති නිළධාරීන් විසින් ජනාධිපතිවරයා පිළිගනු ලැබූ අතර ජනාධිපතිතුමා නවාතැන්ගත් හෝටලයේදී ද විශේෂ පිළිගැනීමේ උත්සවයක් දසංවිධානය කර තිබිණි.
ජනාධිපතිතුමා සමග පිටත්ව ගිය ශ්‍රී ලංකා දූත පිරිසට අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, මහින්ද සමරසිංහ, දයා ගමගේ යන මහත්වරුන්ද එක්ව සිටිති.