ජනපති ගාලුමුවදොර පිටියේදී


ලෝකයේ බොහෝ දෙනා ගොදුරු වන බෝ නොවන රෝග අතරින් ප‍්‍රධාන රෝගයක් වන දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපති අවධාරණය කරයි.

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් අද (12) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේදී සංවිධානය කර තිබූ ජාතික දියවැඩියා දින පා ගමනට එක් වෙමින් ඔහු මේ බව පැවැසීය.

දියවැඩියාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ එය වළක්වා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් දියවැඩියා මාසයක් නම් කර දිවයින පුරා සියලු රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩවල සහභාගිත්වයෙන් එම මාසය තුළ දීප ව්‍යාප්ත ජාතික වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

ඉන් අනතුරුව ජනපතිවරයා මදක් විවේකීව ගාලුමුවදොර පිටියේ රැදී සිටියේය.

2 copy 5 copy 6 copy 7 copy 9 copy 10 copy 11 copy 12 copy



Recommended Articles