ජනපති ඉන්දීය අගමැති හමුවෙයි


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඊයේ (25දා) පැවැත්විණි.
 
එම අවස්ථාවේදී මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගීවන මෙන් එහි වත්මන් සභාපති ශ්‍රී ලංකා ජනාධිපති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත නිල ආරාධනයක් ද කළේය.
 
අනතුරුව සාර්ක් කලාපයේ ප්‍රගමනයට හේතුවන කරුණු පිළිබදව ජනාධිපතිතුමන් සහ ඉන්දීය අගමැතිතුමන් සාකච්ඡා කළ අතර පසුගිය මැතිවරණ දෙකෙහි දී ලද ජයග්‍රහණයන් පිළිබදවද ඉන්දීය අගමැතිතුමා ජනාධිපතිතුමන් වෙත සිය සුභපැතුම් පිරිනැමීය.
 
ශ්‍රි ලංකා රජයේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සදහා ඉන්දීය රජයේ පූර්ණ සහය නොපැකිළව ලබා දීමට කටයුතු කරන බව ද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
 
 
 
 


Recommended Articles