ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23දා) අනුරාධපුරයට ගොස් ජය ශ්‍රී මහා බෝධියේ, රුවන් වැලි සෑයේ මෙන්ම මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා ගත්තා.
මේ අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, පී. හැරිසන්, දුමින්ද දිසානායක, අනෝමා ගමගේ, චන්ද්‍රාණි බණ්ඩාර, යන මහත්ම මහත්වරියන් මෙන්ම නැගෙනහිර පළාත් විපක්ෂනායක දයා ගමගේ මහතාද එක්වුණා.
අනුරාධපුරයට පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහිරු සෑයේ නීරීක්ෂණ චාරිකාවකද නියැළුණා.