රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයාව පරීක්ෂා කරන්න අවශ්‍ය නැහැ. මොකද රටේම ආරක්ෂාව බාර ඔහුට. එහෙත් සෙනසුරාදා පැවති එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට ඇතුළු වීමේදී අගමැති ආරක්ෂක අංශය විසින් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාව පරීක්ෂා කරනු ලැබුවා.
එය ඔවුන් ඇමතිවරයා හඳුනා නොගැනීම නිසා සිදුවූවක්. එහෙත් නීතිය කාටත් පොදු බව පෙන්වමින් රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා සිනහවකින් එය ඉවසා සිටියා. අඩුම වශයෙන් ඔහු පරීක්ෂා කළ ආරක්ෂක නිලධාරියාට තමන් කවුද කියා හඳුන්වා දීමටවත් ඇමතිවරයා උත්සාහ කළේ නැහැ.
ප්‍රදීප් පතිරණ