ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක දිනේෂ් චන්දිමාල් සිය 7 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.
ඒ සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීය. පන්දු 281 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හතරේ පහර 8 ක් හා හයේ පහර 1 ක් අන්තර්ගත විය.
චන්දිමාල් මෙම තරගවාරයයේදි වාර්ත කළ පළමු ශතකය මෙය වේ. ඔහුට අමතරව නොදැවී කඩුල්ලේ රැඳී සිටින රංගන හේරත් ලකුණු 11 ක් ලබා සිටියි.
ඔස්ට්‍රේලියනු කණ්ඩායම අද දිනයේ සිය දෙවැනි කඩුල්ල ලෙසින් දිල්රුවන් පෙරේරා ලකුණු 16 කට දවා ගැනීමට සමත් වූ අතර ජෝන් හොලන්ඩ් එහි හිමිකරුවා විය.
මේ වන විට ශ්‍රී ලංකාව කඩුළු 7 ක් දැවී ලකුණු 291 ක් ලබා සිටියි