ගූගල් සමාගම විසින් ශ්‍රී ලංකාව වෙත මුදාහරින ලද ගූගල් වායු බැලුනයක් ගම්පොල පුපුරැස්ස කළුගල වත්තට ඊයේ (18දා) රාත්‍රී පතිතවී තිබේ
මෙම බැලුනය අඩි 300ට වඩා විශාලත්වයකින් යුතු වන අතර එය අද අලුයම 01ට පමණ පුපුරැස්ස පොලිස් මුරාපොළ වෙත රැගෙන ඒමට සමත් වූ බව පොලීසිය පවසයි. එය රැගෙන එන මොහොතේ සංඥා සක්‍රීයව තිබූ බවද පොලීසිය පවසයි.
ලංකාව තුළ අන්තර්ජාල පහසුකම් දසගුණයකින් ව්‍යාප්ත කිරීමට සහ නිදහස් වයිෆයි කලාපයක් බවට ව්‍යාප්ත කිරීම සඳහා මෙම වායු බැලුන මුදාහරිනු ලබන්නේ ගූගල් සමාගමේ සම්බන්ධීකරණයෙනි.