ගුවන් හමුදාව දකුණු සුඩානයට යයි


ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝනයක් දකුණු සුඩානයේ සාම සාධක හමුදාවට අනුයුක්ත කර තිබේ.

එම්. අයි. 17 හෙලිකොප්ටර් යානා තුනක්,  නියමුවන් ගුවන් යානා ඉංජිනේරුවන් සහ 104 ක කාර්ය මණ්ඩලයක් මෙම රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිතව ඇත. මෙම බලඇණියේ ප්‍රධාන අණදෙන්නා ලෙස විංග් කමාන්ඩර් විශ්ව සාමන්ත කටයුතු කරයි.

මෙහි මුල් කණ්ඩායම ලෙස ගුවන් හමුදා නිලධාරීන් 02 ක්ද ගුවන් භටයන් 10 ක් සහ  එම්.අයි. 17 හෙලිකොප්ටර් යානා තුනක් ඊයේ (06දා) පිටත්ව ගියේය.

භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ පුද්ගල ප්‍රවාහනය ආහාරපාන, භාණ්ඩ ප්‍රවාහනය අභ්‍යන්තර ගුවන් ගමන්, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝනය තම සක‍්‍රීය දායකත්වය මෙහිදී ලබාදීමට නියමිතය.

 

 

 



Recommended Articles