ගුවන් හමුදාවේ නියමුවන් ලෙස අපි හොඳට පුහුණුව ලබා තිබෙනවා


මේ වගේ අවධානම් ක්‍රියාදාමයන් කරද්දී මේ වගේ දේවල් වෙන්න පුළුවන්.

ගුවන් හමුදාවේ නියමුවන් විදියට අපි ඒවට හොඳට පුහුණුව  ලබා තිබෙනවා.

මේ වගේ දේවල් වුණා කියලා අපි ගුවන් හමුදාවේ ක්‍රියාදාමය නවත්වන්නේ නෑ.

ගංවතුර ආධාර බෙදා හැරීමේ කටයුතු වල අපි දිගටම නිරත වෙනවා.

අනතුරට පත් හෙලිකොප්ටරයේ නියමු බලඝන නායක භානුක දෙල්ගහගොඩ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් ලෙස අනතුරුදායක තත්ත්ව සඳහා මුහුණදීම පුහුණුව ලබා ඇති බවත් එම පුහුණුව උපයෝගී කරගෙන දෝෂයකට ලක්වූ ගුවන් හමුදා එම්.අයි. 17 හෙලිකොප්ටරය බද්දෙගමට ගොඩ බැස්සවූ බවත් එහි නියමුවරයා ලෙස කටයුතු කළ බලඝන නායක භානුක දෙල්ගහගොඩ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වූ බලඝන නායකවරයා,

“කොග්ගල ගුවන් හමුදා කඳවුරෙන් ගංවතුර ආධාර බෙදා දීමට අපි බද්දෙගම ප්‍රදේශයට පැමිණියා. අපි දැක්කා එක තැනක පිරිසක් කොටුවෙලා ඉන්නවා. ඒ අයට ලණු මගින් ආහාර දෙන්න අපි ගුවන් යානය එක තැන තබා ගත්තා. පසුව ගුවන් යානය අනතුරට පත්වුණා.

මේ වගේ අවධානම් ක්‍රියාදාමයන් කරද්දී මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ගුවන් හමුදාවේ නියමුවන් විදියට අපි ඒවට හොඳට පුහුණුව  ලබා තිබෙනවා. ඒ පුහුණුව උපයෝගි කරගෙන ජීවිත හානයක් නොවන විදියට බද්දෙගම ප්‍ර දේශයට පාලනයක් සහිතව ගොඩ බැස්සුවා.

මේ වගේ දේවල් වුණා කියලා අපි ගුවන් හමුදාවේ ක්‍රියාදාමය නවත්වන්නේ නෑ. ගංවතුර ආධාර බෙදා හැරීමේ කටයුතු වල අපි දිගටම නිරත වෙනවා. ගුවන් යානයේ අපි එකොලොස්දෙනාම බොහොම පරිස්සමින් ඉන්නවා.” යැයි ඔහු සඳහන් කළේය. 

 



Recommended Articles