බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් ගුවන් යානයක් කොළොම්බියාවේ අනතුරට ලක්වීමෙන් පසුව එයින් දිවි ආරක්ෂා කර ගැනීමට පුද්ගලයින් 6 දෙනෙකු පමණක් මේ වන විට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොලොම්බියාවේදී හෙට (30දා) පැවැත්වීමට නියමිතව තිබූ කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට බ්‍රසීලයේ පළමු පෙළ ක්‍රීඩා සමාජයක් වෙන කාපෙකොන්සෝ පාපන්දු කණ්ඩායම ගුවන් මගින් ගමන් කරමින් සිටින විට ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය.
ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා ගමන් කරමින් තිබුණි.
කාර්ය මණ්ඩලයේ 9 දෙනෙකුද හා මගීන් 72ක් ගුවන් යානයේ ගමන් කරමින් සිට අත. අනතුරින් මිය ගිය පුද්ගලයින්ගෙන් 25 දෙනෙකුගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.
ගුවන් ගමනට පෙර හා ගුවන් ගමන අතරතුළදී ක්‍රීඩකයන් සිය සමාජ මාධ්‍ය වෙත මුදා හළ ඡායාරූප