ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම විභාග කර අවසන්වන තෙක් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අත්හිටුවීමට ශේෂ්ඨාධිකරණය අද (15දා) නියෝග කළේය.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාග කර අවසන් වන තෙක් මන්ත්‍රීධුරයේ රැදී සිටීමේ අවස්ථාව ගිතා කුමරසිංහ මහත්මියට හිමිවිය.
කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණේ බෙඳුන තීන්දුවකි. ඊවා වනිසුන්දර විනිසුරුවරිය හා උපාලි අබේරත්න විනිසුරුවරයා අභියාචනාධිකරණ තීන්දුව තාවකාලිකව අත්හිටුවිමට නියෝග කළ අතර අනිල් ගුණරත්න විනිසුරුවරයා අත්හිටවීමට එරෙහිව තීන්දුව ප්‍රකාශ කළේය.
නඩුව නැවතත් සැප්තැම්බර් 25 දා දක්වා කල් තැබිණ.
ඡායාරූප ඒ්ෂාන් ප්‍රනාන්දු