පාරිභෝගික සේවා අධිකාරියේ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් අද (03දා) සඳහන් කර සිටියේය.
2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ පිහිටුවා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය මෙරට දෙකෝටිය ඉක්මවන පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා පිහිටුවා ඇති එකම ආයතනය වන අතර, මේ වනවිට එම ආයතනය අකර්මණ්‍ය වී ඇති බැවින් මෙරට පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් අහිමිවී ඇතැයි එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව පාරිභෝගික පැමිණිලි විභාග කිරීමද විධිමත්ව සිදුනොවන බවත්, වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත්කර මාස හයකට වැඩි කාලයක් ගතවී තිබුණද එම පුද්ගලයා නියමිත ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත පැමිණ නොමැති බවත් එම සංවිධානය පවසයි.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වන පාලන මිල හා පාරිභෝගිකයන්ට අදාළ වන වන තීති විශාල ප්‍රමාණයක් සහිත ගැසට් පත්‍ර මේ වනවිට ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැතිවී ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.
මේ අනුව මැයි දිනයෙන් පසුව ගැටඹේ ක්‍රීඩාංගණය පිරිසුදු කළාසේ පාරිභෝගික කටයුතු අධිකාරියද පිරිසුදු කරදෙන ලෙස හා පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්‍රියාකලාපය පිළිබඳව සොයාබැලීම සඳහා විද්වත් කමිටුවක් පත්කරන ලෙස ඉල්ලා සිටින බවද එම සංවිධානය සඳහන් කරයි.