ගල්ගමුව දිගන නිවාස බිඳ දමා වගාවන් වලට හානි සිදු කළ “ ගල්ගමුවේ තනි දළයා “ අද (16) දහවල් අල්ලා ගැනීමට හැකි වු බව වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ බස්නාහිර හා වයඹ සහකාර අධ්යක්ෂ ඩබ්ලිවු.ඒ.ඩී.යු. ඉන්ද්‍රජිත් මහතා පවසයි.
ජනතාවගේ හා අලියාගේ ආරක්ෂාව පිණිස වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පේරේරා මහතාගේ උපදෙස් මත මෙම අලියා අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය ට මුදා හැරීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.