ගල්ගමුව - පාලුකඩවල ප්රදේශයේ පුරන් වෙල් යායකදී ඇතෙකු හා වන අලියකු අද (31දා) සටනක යෙදෙන අයුරු දැක ගත හැකි විය.
වන අලියකු හා කුඩා දළ යුගලක් සහිත ඇතෙකු මෙලෙස පුරන් කුඹුර පොර පිටියක් කර ගනිමින් පැය කිහිපයක්ම සටන් කළහ.
දැනට ප්රදේශයේ අලි 30-40 ක් ගම්වදින බවත්, පසුගිය දින කිහිපයේ සිටම මෙම ඇතා හා වන අලියා අතර සටනක් පවතින බවත්, ඉන් වන අලියා ඇතාගේ දළ පහරින් තුවාල ලබා සිටින බවත් ප්රදේශවාසීහු පවසති.
ඡායාරූප - මංජුල නිශාන්ත/සටහන - තිසර සමල්