පසුගිය කාලයේදී ආන්දෝලනයක් ඇති කළ ගල්අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට පැහැදිලි ලාභයක් සිදුව ඇතැයි ඒ සම්බන්ධව පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් අනාවරණය වන බව විදුලිබල හා පුනර්නනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහචාර්ය විද්‍යාජෝති කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා, මහාචාර්ය ලක්ෂමන් ආර්. වටවල සහ මහාචාර්ය ජනක ඒකනායක යන මහත්වරුන් විසින් සකස් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
ක්ෂණික ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රමය (spot tender) මගින් ගල්අඟුරු මිලදී ගැනීමෙන් පසුගිය වසර තුළ ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 7.6 ක මුදලක් ඉතිරි වී තිබෙන බවත්, ලෝක වෙළෙඳ පොළෙහි ගල්අඟුරු මිල ගණන් වෙනස් වීම් සැලකිල්ලට ගැනීමේදී ක්ෂණික ටෙන්ඩර් සහ දිගුකාලීන ටෙන්ඩර් ක්රමයෙහි තුලනයක් පවත්වාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ගල්අඟුරු කැටවල ප්‍රමාණය අනුව මිලට අධිභාරයක් පැනවීමෙන් පසුව වුවද සාකච්ඡා කර එළඹෙන ලද මිල ගණන් නිසා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් 287,029.73 ක ශූද්ධ ඉතිරියක් ලැබී ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, රුසියාව වැනි රටවලින් නැව්ගත කරන ගල්අඟුරුවල මිල තීරණය කිරීම සඳහා සංයුක්ත දර්ශනයක් භාවිත කිරීම සුදුසු යැයි කමිටු වාර්තාවේ සඳහන් වන බවද ඔහු කීය.
තවදුරටත් විනිවිදභාවය සුරැකෙන ආකාරයට හා මතභේදවලට තුඩුනොදෙන අයුරින් ඉදිරියේදීද කටයුතු කරන බවද ඇමතිවරයා පවසා සිටියේය.