(UPDATE) 05.08 PM
කූඨ ලේඛනයක් සකසා සමාගමක කොටස් විකිණූ බවට බ්‍රයන් ජෝන් සැඩික් නම් පුද්ගලයෙකු කළ පැමිණිල්ලක් මත මෙම ප්‍රකාශය ලබාදීමට ගම්මන්පිල මහතා අද (13දා) විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සිටියේය.
එහිදී ඔහු මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේ තමාට නැවතත් එළැඹෙන බදාදා උදෑසන 9.30ට ප්‍රකාශයක් ලබාදිමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැන්වූ බවයි. එසේම වසර 19ක් පැරණි කොටස් ගණුදෙනුවක් පදනම් කරමින් මෙම පරීක්ෂණ පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
නිරාෂා රණසිංහ
විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පොලිස් මූලස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට පැමිණියේය.
කූඨ ලේඛනයක් සකසා සමාගමක කොටස් විකිණූ බවට බ්‍රයන් ජෝන් සැඩික් නම් පුද්ගලයෙකු කළ පැමිණිල්ලක් මත මෙම ප්‍රකාශය ලබාදීමට ගම්මන්පිල මහතා විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සිටියේය.