ගම්මන්පිලට ඇප


ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් මගින් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකුණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශනයටක අදාළව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (01දා) නියෝග කළේය.

රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මන්ත්‍රීවරයා නිදහස් කරනු ලැබීය. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩිනි ජයසිංහ නම් අනෙක් සැකකරුද රුපියල් 15000ක ශරීර ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහළ අතර ඔහුටද විදෙස් ගමන් තහනම් කෙරිණි.

0cdd9a80-c8e3-4e4e-a844-566897a7279a 9ab94d11-4034-4b6f-8ddf-1bce02873826 38482f04-1ebf-43bc-a0b8-4c337c824c17

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු 

 

 

 

 

 



Recommended Articles