මාටින් ගප්ටිල් ගේ දක්ෂ පිතිහරඹය හමුවේ සංචාරක දකුණු අප්රිකාව සමගින් පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුළු 7 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සත්කාරක නවසීලන්තය සමත් විය.
නවසීලන්තයේ හැමිල්ටන් හිදී පැවති තරගයේ ලකුනු 280 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තය පන්දුවාර 45 කදී කඩුළු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
නවසීලන්තයේ ජයග්රහණයේ මාවත සම්පූර්ණයෙන්ම සිය කරමතට ගත් මාටින් ගප්ටිල් පන්දු 138 කදී වේගවත් ලකුණු 180 ක් නොදැවී වාර්තා කලේ හතරේ පහර 15 ක් හා හයේ පහර 11 ක් සමගිනි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුනු අප්රිකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුනු 279 ක් වාර්තා කළහ. තරගයේ වීරයා සම්මානය හිිමි වූයේ මාටින් ගප්ටිල්ටයි.
මෙම ජයග්රහණයත් සමගින් තරග පහකින් සමන්විත තරගාවලිය තරග 2-2 ක් ලෙස ජය ගෙන කණ්ඩායමේ දෙකම සම තත්වයේ පසුවේ.
තරගාවලියේ පස්වැනි හා අවසන් එක්දින තරගය එළඹෙන මාර්තු 4 වැනිදා ඕක්ලන්ඩ් හිදී පැවැත්වේ.