කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, මහ ඔය, අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යන නිසා ජල මූලාශ්‍රවල පහළ ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ජල මූලාශ්‍රවල සමහර ස්ථානවලින් ජලය පිටාර ගලමින් තිබෙන බවත්, කිසිවිටෙකත් ගංවතුර නැරඹීමට නොයන ලෙසත් එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ජල ගැලීම් ඇති ස්ථානවල ජලය භාවිතයට ගැනීමෙන් වැළකී සිටින ලෙසත්, එවැනි ස්ථානවල දිය නෑමෙන්ද වැළකී සිටින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේම අයහපත් කාලගුණය හේතුවේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබේ.
ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අයුරු - ඡායාරූප සිරංගිකා ලොකුකරවිට
මාතර මහේෂ් මලවර ආරචිචි - මාතර දිස්ත්‍රිකයේ කඹුරුපිටිය, හක්මන, පිටබැද්දර, මොරවක කොටපොළ ආදි ප්‍රදේශ තවමත් ජලයෙන් යටවී පවතියි. එම ප්‍රදේශවල මාර්ගද ජලයෙන් යටවී පැවතිම නිසා ගමනාගමනයද අඩාල වී ඇත.
හැටන් රංජිත් රාජපක්ෂ - මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිඔය පිටාර ගැලිමෙන් නිවාස නමයක් ජලයෙන් යට වි ඇති බව මස්කෙලිය පොලිසිය කියයි.
ප්‍රේමතිලක පෙරමුණ - වලල්ලාවිට ප්‍රදේශයේ මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම් රන්ජන් පී පෙරේරා මහතා පැවසීය.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි -පවතින වර්ෂාවත් සමග කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ ජල ධාරිතාවය වාන්මට්මට ළගාවෙමින් පවතින බැවින් වාන්දොරටු විවෘත කිරිමට සිදුවුවහොත් එම නිසා ඇතිවිය හැකි අවධානම පිළිබඳව ජලාශය පහළ ජනතාව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුම්වත් කිරීමට පියවර ගත් බව කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක බාලසූරිය මහතා පැවසීය.
නිකවැරටිය ප්‍රියානි මංගලික - නිකවැරටිය මහ වැස්සෙන් දැදුරුඔය ජලමට්ටම ඉහළ ගොස් ඇති හෙයින් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටුද විවෘත කර තිබේ. මේ අතර රස්නායකපුර ,රතඹලා ඔයට පිටාර ගලා ඇත.