කොළඹ වරාය නගර ඉදිකිරීම හේතුවෙන් කොළඹට අලුතෙන් කිලෝමීටර් දෙකක පමණ දිගකින් යුත් වෙරළක් නිර්මාණය වන බව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන CHEC වරාය නගර කොළඹ (සමාගමේ) ප්‍රධාන විකුණුම් හා අලෙවි නිලධාරී ලියෑන්ග් තෝව් මිංග් මහතා පැවැසීය.
මේ දක්වා කොළඹ නගරයට වෙරළක් නොමැති බවත් වරාය නගර ව්‍යාපෘතිය හරහා ජනතාවට විශාල ප්රතිලාභ අත්වන බවත් ඔහු පැවැසීය.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ඊයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම වරාය නගරයට අදාළව තවත් පාරිසරික ඇගයීම් වාර්තාවක් මේ වන විට අනුමතියට ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාව සඳහා අනුමැතිය ලබාගැනීමේ අවසන් අදියරට පැමිණ ඇති බවත් ඔහු පැවැසීය.
වරාය නගර ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවට පැමිණි සෘජු විදේශ ආයෝජනය ඩොලර් බිලියන 1.4ක් බවත් එය මේ දක්වා ශ්‍රි ලංකාවට පැමිණ ඇති විශාලම සෘජු විදේශ ආයෝජනය බවත් ඔහු පැවැසීය.
(ලියෑන්ග් තොව් මිංග් මහතා වමේ - ඡායාරූපය ඉසුරු පෙරේරා)