කොන්දක් තියෙනවානං ශ්‍රීලනිපෙන් ඉවත්වෙන්න - ජනපති


අලුත් පක්ෂ ගොඩනගන අයට දේශපාලන පිටකොන්දක් තිබේ නම් ඔවුන් එම පක්ෂය ගොඩනැගිය යුත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව බව ජනාධිපතිවරයා පවසයි. ජනපතිවරයා මේ අදහස් පැවසුවේ ඊයේ(14) පස්වරුවේ හෝමාගම පැවති ජනහමුවක් අමතමිනි.

අලුත් පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගත් බවට මාධ්‍ය සාකච්ඡාවලදී පවසන අය, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නොව වෙනත් පක්ෂයකට ඡන්දය ලබාදෙන්නැයි ජනතාවට පැවසීම විහිළුවට කරුණක් බවත්, හෘද සාක්ෂියට අනුව දේශපාලනයේ නිරතවන ලෙස තමා එම සියලු දෙනාට පවසන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම අලුතින් පිහිටුවාගත් එම පක්ෂයේ ලේකම්වරයා සහ සභාපතිවරයා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු මෙන්ම පසුගිය රජයේ ඉහළ තනතුරු දැරූ අය බව පැවසූ ජනාධිපතිතුමා ඔවුන් අද මේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සිට සිදුකරමින් සිටින්නේ දෙවැනි බණ්ඩාරනායක ඝාතනය බව ද ජනපතිවරයා කියා සිටියේය.

8



Recommended Articles