ශූරයන්ගේ කුසලාන තරඟයේ ඉන්දියාව හා ලංකාව අතර ඊයේ (08දා) පැවති තරඟයේදී අබාධයට ලක්වූ කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්රීඩක ධනංජය ද සිල්වා කැඳවීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඒ අනුව ලබන සඳුදා (12දින) පැවැත්වෙන ශ්රී ලංකා පකිස්තානු කණ්ඩායම අතර තරඟයට සහභාගීවීම සඳහා ධනංජයද සිල්වා එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.