එංගලන්තය, යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද යන්න පිළිබඳව පැවැති ජනමත විචාරණයෙන් බොහෝ දෙනෙකු කැමත්ත ප්‍රකාශ කළේ වෙන්විය යුතුය යන්නයි. බ්‍රිතාන්‍ය හිටපු අගමැති කීවේ වෙන් නොවිය යුතු බවයි. ඒ අනුව ඩේවිඩ් කැමරන් මහතාගේ මතය ජනතාව විසින් පරාජය කළ අතර ඒ අනුව යමින් හිටපු අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. අද (13දා) බ්‍රිතාන්‍ය නව අගමැති ලෙස තෙරේසා මේ දිවුරුම් දීමට නියමිතය. නව අගමැතිනියට ඉඩ ලබාදීමට හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සිය බඩු බාහිරාදිය රැගෙන ඩවුනින් ස්ට්‍රීට් හි අංක 10 අගමැති නිල නිවසින් පිටත්ව ගියේය. ඒහිදී ඔහු සිය පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත්කිරීමට කාර්ය මණ්ඩලයටද සහාය දක්වන ලදී. ඒ අතර තුළ මෙම ඡායාරූපය ගෙන තිබුණි.
ඩේවිඩ් කැමරන් මහතා අංක 10 නිල නිවසට පිවිසෙමින්..
කාඩ්බෝඩ් හිස් පෙට්ටි පිරවූ ලොරියක් ආරක්ෂක අංශයේ පරීක්ෂාවට
ඩේවිඩ් කැමරන් මහතා අංක 10 අගමැති නිල නිවසින් පිටවෙමින්
නව අගමැතිනී තෙරේසා මේ අංක 10 නිල නිවසට පැමිණෙමින්