ක්‍රීඩකයන් රැසක් ආබාධයන්ට ලක්වුන නිසා සමබරතාව ගිලිහුණා


මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි අතර තුරදී ශ්‍රි ලංකා කන්ඩායමේ ක්‍රීඩකයන් රැසක් ආබාධයන්ට ලක්වීම හේතුවෙන් කණ්ඩායමේ සමබරතාව ගිලිහී ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.

මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීමෙන් පසු පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී  පැවැතුවූ ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ පවසා සිටයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කන්ඩායමේ පිතිකරණය ඉතා හොඳ මට්ටමක පැවති බවත් පන්දු රැකිම හා පන්දු යැවීම සහභාගි වූ අවසන් තරග කිහිපයේදී වඩාත් දියුණු  වූ බවත්ය.  

මෙවර ලෝක කුසලානයට නම් කල සංචිතය තෝරා ගත්තේ තම හෘද සාක්ෂීයට එකඟවද යැයි මාධ්‍යෙව්දීයෙකු ඇසූ පැණයකට පිළතුරු දුන් ශ්‍රී ලාකා තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසුරිය මහතා ප්‍රකාශ කලේ මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත්තේ  හෘද සාක්ෂියට එකඟව බවත් ඒ සඳහා වඩාත්ම සුදුසු යැයි සිතූ කණ්ඩායම, නායකයා  හා පුහුණුකරුවන්  සමග සාකච්ඡා කොට නම් කළ බවත්ය.

ලෝක කුසලානයෙන් පසු ඉදිරි තරගාවලි සඳහා සැලසුම් කෙබඳුද යැයි මෙහිදි මාධ්‍යෙව්දියෙකු විමසූ පැණයක‍ට පිලිතුරු සැපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු මාවන් අතපත්තු  මහතා පැවසුවේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහල නැංවීම සදහා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.එමෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා ස්ථාවර විමට යම් කාළයක් ලබා දිය යුතු බවද හෙතෙම සඳහන් කලේ ය.

 



Recommended Articles