ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිධුරයට තමන් ඉදිරිපත්වන බව හිටපු ක්‍රිකට් නායක, වත්මන් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (16දා) පැවැති හමුවකදී රණතුංග මහතා මෙම අදහස් දක්වා සිටි අතර, එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ක්‍රිකට් සභාපතිධුරයට තමන් කිට්ටුවෙන්ම සිටින බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහහා,
"ක්‍රිකට් ක්‍රීඩාවේ අනවශ්‍ය දේවල් පසුගිය කාලයේදී සිදු වුණා. ඒවා නවත්තලා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න සහයෝගය දියයුතුයි කියන අදහසේ මම ඉන්නවා. ඒ අනුව ක්‍රිකට් සභාපතිධුරයට ඉදිරිපත් වෙනවා. ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන ලෙස මේ වනවිට විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ ඉල්ලීම් ලැබෙනවා. එකී ඉල්ලීම් ගැන සාකච්ඡා කරමින් සිටිනවා" යැයි පැවසීය.