දකුණු අප්‍රිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ පැවැති 20/20 ක්‍රිකට් ශූරතා තරගාවලි දෙකෙන් ම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (24 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් දිවයිනට පැමිණියේය.
කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකාක්රීඩකයන්ට මල් මාලා පලඳවා, විශේෂ අමුත්තන්ගේ මැදිරියට කැඳවාගෙන පැමිණ උසස් පිළිගැනීමක් සිදුකළහ.
ඉන් අනතුරුව ප්රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වූ අතර, එයට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල, පුහුණුකරු ග්රැහැම් ෆෝඩ්, කණ්ඩායම් කළමනාකරු රංජිත් ප්‍රනාන්දු, මෙන්ම මෙම තරගාවලිවලදී කැපී පෙනෙන දස්කම් දැක්වූ අසේල ගුණරත්න සහ ලසිත් මාලිංගද එක්වී සිටියහ.
ඡායාරූප - දීප අධීකාරී